BREAKING NEWS
Search

ත්‍රිරෝද රිය ජීප් රියේ ගැටී ළමුන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලට යැවූ බිහිසුණු අනතුර

1433

පානදුර රෝහලට පැමිණ ත්‍රීරෝද රථයකින්  නිවසට යමින් සිටි ළමුන් දෙදෙනෙකු කාන්තාවක ඇතුළු සිව්දෙනෙකු රැගත් ත්‍රීරෝද රථයක්  ජීප් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් සිව්දෙනාම රෝහල් ගත කළ බව වාද්දුව පොලිසිය පවසයි

මෙසේ රෝහල් ගතකර ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් ගත් මවක, ඇයගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරකු හා ත්‍රීරෝද රථ රියදුරු වන බවත්, කාන්තාව  ගේ තත්ත්වය බරපතළ බවත් පොලිසිය සදහන් කරයි .

ඔවුන් කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවත්, පානදුර රෝහලට පැමිණ නැවත නිවස කරා යමින් සිටියදී අනතුර සිදුව ඇති බවත් සදහන් වේ.

ත්‍රී රෝද රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර, පොහද්දරමුල්ල විදුහල ආසන්නයේදී  කළුතර දෙසින් පැමිණි ජීප් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *