BREAKING NEWS
Search

බස්නාහිර පළාතේ පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්වයක් ගැන භයානක හෙළිදරව්වක්

7862

බස්නාහිර පළාත තුළ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට ගොදුරුවී ඇති බව විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක පවසයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, අධික සීනි භාවිතය මෙම තත්ත්වයට හේතුවී ඇති බවය.

මේ අතර මෙරට ළමුන් අතර ද සීනි භාවිතය ඉහළ ගොස් ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා  පැවසීය.

විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ,

“හෘදයාබාධ සහ අධිරුධිර පීඩනය වැඩියි. බෝ නොවන රෝග සීඝ්‍රයෙන් වැඩිවෙනවා. මරණවලින් 80%ක් සිදුවෙන්නේ බෝ නොවන රෝගවලින්. ආහාර ජීර්ණය වෙලා ග්ලුක්කෝස් ලෙස උරා ගන්නවා. දියවැඩියාව ඇතුළු රෝග රැසක්. ස්ථුලතාවය ඇති ළමුන් අතරත් දියවැඩියාව. වැඩිම සීනි පරිභෝජනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවත්. පුද්ගලයෙක් වසරකදී සීනි කිලෝ 25ත් 30ත් අතර පරිභෝජනය කරලා.. වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට සීනි තේහැදි 3ක් හෝ 4ක්.”

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා,

“කුඩා දරුවන් දිනක සීනි තේ හැදි 20ක් දක්වා පරිභෝජනය කරනවා. කොලෙස්ට්‍රෝල් ඇතුළු රෝග රැසක්. අමතර සීනි සහ ලුණු ආහාරවලින් ඉවත් කළ යුතුයි”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *