BREAKING NEWS
Search

දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක දේපොළ සී.අයි.ඩීයට

216

සංවිධානාත්මක හා අපරාධ කල්ලි සාමාජිකයකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමකින් යුත් පස් මහල් ගොඩනැගිල්ලක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගනු ලැබීය.

එම ගොඩනැගිල්ල දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ලබාගත් ගොඩනැගිල්ලක් බවට අනාවරණයවීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් ඊයේ භාරයට ගත්තේය.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් මීට පෙර දෙමටගොඩ රුවන්, ඔහුගේ බිරිය, ඔහුගේ සහෝදරියට සහ පුත්‍රයාට එරෙහිව නීති විරෝධීව උපයාගත් දේපොළ සම්බන්ධයෙන් නඩු පවරා තිබුණි.

මත්ද්‍රව්‍ය හා පාතාල සාමාජිකයන් විසින් නීති විරෝධීව උපයාගත් බව කියන දේපොළ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරනු ලබන විමර්ශනවලට මෙම ගොඩනැගිල්ල ක්‍රියා විරහිත තත්ත්වයට පත්කළ බව උසස් නිලධාරියෙක් පැවැසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *