ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද, ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරා.


















