මේ කතාව ඇහෙන්නේ බටහිර ජපානයෙන්.
බටහිර ජපානයේ ඊයේ සැන්දෑ කාලයේදී අහසින් දීප්තිමත් ආලෝකයක් සහිත බෝලයක් වැනි යමක් කඩාවැටුණු බවට එහි ජනතාව පවසන බව ජපාන වාර්තා පවසනවා.
විද්‍යාඥයන් පවසන්නේ මෙය දීප්තිමත් උල්කාවක් බවයි.
ඒවා හඳුනාගෙන ඇත්තේ ද ගිනිබෝල උල්කා ලෙසයි.
කගෝෂිමා සහ මියාසාකි ප්‍රදේශවල බොහොමයක් ජනතාව සමාජ මාධ්‍ය තුළ රාත්‍රි 11ට පමණ දැක ඇති මෙම ගිනිබෝලයේ වීඩියෝ, ඡායාරූප ආදිය මුදාහැර තිබුණා.
ගිනි බෝල යනු දූවිලි, ග්‍රාහක කැබලි සහ අභ්‍යාවකාශයේ ඇති වෙනත් වස්තූන් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට දැවෙන නිසා ඇති වන සංසිද්ධියක් බව කගෝෂිමාවේ සෙන්දායි අභ්‍යාවකාශ කෞතුකාගාරයේ අධ්‍යක්ෂ මයිඩා ටොෂිහිසා පවසනවා.



















