BREAKING NEWS
Search

දැනටමත් 08ක් අත්අඩංගුවට.. කාන්තා කල්ලියක් සැලසුම් සහගතව කරගෙන ගිය වැඩක් පොලිස් දැලට හසුවෙයි..

1061
ඔවුන් මේ මේ පළාත්වල ජීවත්වෙන අයලු..

කාලයක් තිස්සේ කරගෙන ගිය මේ වැඩේ දැන් නම් පොලිස් දැලට හසුවෙලා..

මෙරට ප්‍රධාන කෝවිල් හා දේවස්ථානවල පැවැත්වෙන වාර්ෂික උත්සවවලට පැමිණෙන බැතිමතුන්ගේ රන් මාල කඩා ගැනීම වෙනුවෙන්ම සංවිධානගතවූ ඉන්දියානු ජාතික කාන්තාවන් දෙදෙනකුගෙන් සමන්විත කාන්තාවන් 08 දෙනකුගේ කල්ලියක් කොටුකර ගැනීමට යාපනය පොලිසිය සමත්වී තිබෙනවා..

උතුරු – නැගෙනහිර පළාත් ආශ්‍රිත දේවස්ථාන සහ කෝවිල් උත්සව සමයේදී ඉන්දියාවේ සිට එම කාන්තාවන් දෙදෙනා සමඟ තවත් කතුන්ද ඇතුළත් පික්පොකට් කල්ලියක්ම පැමිණෙන බව බුද්ධි අංශ සඳහන් කරන්නේ..

මෙම කල්ලිය මඩු දේවස්ථානයේ වාර්ෂික උත්සවය, නල්ලූර් කෝවිලේ උත්සවය, කෝනේෂ්වරන් කෝවිලේ උත්සවය, තලවිල මංගල්‍යය ආදී උත්සව ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බව ද බුද්ධි අංශයේ උසස් නිලධාරියෙක් පවසනවා..

උතුරු සහ නැගෙනහිර පළාත්වල කාන්තාවන් මෙවන් උත්සව සඳහා රන් භාණ්ඩ වැඩි ප්‍රමාණයක් පැළඳ පැමිණීමේ ප්‍රවණතාවක් ඇති බවත් එය ඔවුන්ගේ සම්ප්‍රදායක් බවත් එම නිලධාරියා සඳහන් කරනවා..

පූජාවන් අවස්ථාවන්වලදී ඇතිවන තෙරපීම් අස්සේ මෙම සංවිධානාත්මක කාන්තා කල්ලිය විසින් රන් මාල කඩා ගැනීම්වල නිරතව සිටින බවත් ඊට පිරිමි පුද්ගලයින් ද සහය දෙන බවත් එම නිලධාරියා පවසනවා..

මඩු දේවස්ථානයේ පැවති උත්සවයේදී පවා කාන්තාවන් 10 දෙනකුට වැඩි පිරිසකගේ රන් මාල කඩාගෙන තිබුණු බවත් එම රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 75 ඉක්මවා තිබුණු බවත් සඳහන් වනවා..

ඒ සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් සිව් දෙදෙනෙක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා..

යාපනයේදී අත්අඩංගුවට ගත් කාන්තාවන් හා මඩු හීදී අත්අඩංගුවට ගත් කණ්ඩායම අතර සම්බන්ධයක් ද පවතින බව පෙනී ගොස් ඇතැයි කියයි..

ඉන්දියානුවන්ට අමතරව අත්අඩංගුවට ගත් සෙසු කාන්තාවන් රොඩී සහ අහිකුණ්ඨික ජන කොට්ඨාශවල අය බවද අනාවරණය වී තිබෙනවා..

ඔවුන් හලාවත සහ තඹුත්තේගම පිහිටි අහිකුණ්ඨික හා රොඩී ගම්මානවල ජීවත්වන අය බවද අනාවරණය වෙනවා..

ඉන්දියාවේ සිට මාල කඩන්නට පැමිණෙන කාන්තාවන් ඇතුළු පිරිස්ද මෙම ජන කොට්ඨාශයටම අයත් අය වීමද විශේෂිතය..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *