බිත්තරවල බහුලව ඇත්තේ ප්‍රෝටීන්ය. එමගින් ශරීරයේ වර්ධනය ඇති කරයි. එනිසා බිත්තර ශරීර වර්ධක ආහාරයක් ලෙස සලකයි. බිත්තර වෙනුවට ආදේශක ආහාරයක් ලෙස මස්, මාළු, රනිල වර්ගයේ ආහාර වන කඩල, කවුපි, මුං ඇට, සෝයා බෝංචි දඹල ආදිය ගත හැකිය.
බිත්තරවල පැහැය අනුව එහි පෝෂණ ගුණය වෙනස් නොවේ. එනිසා කටුව රතු පැහැති බිත්තර ගුණයෙන් වැඩි බවත් කටුව සුදු පැහැති බිත්තර ගුණයෙන් අඩු බවත් ඇතැම් දෙනා පවසති.
ඒ අනුව බිත්තරවල මිලද වෙනස් කරති. එසේම ගම් බිත්තර ෆාම් බිත්තර ලෙස වර්ග කරමින් ගම් බිත්තරවල පෝෂ්‍යගුණය වැඩියැයි පවසමින් එහි මිල අනෙක් බිත්තරවලට වඩා වැඩි මිලකට අලෙවි කරති.
ගම් බිත්තරවල සහ ෆාම් බිත්තරවල වෙනස ඇත්තේ බිත්තරයේ වර්ණය කහමදයේ තද පැහැති බව සහ රසය පමණි. පෝෂණයෙහි අගය එක සමානය.
සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමට දිනකට එක් කිකිලි බිත්තරයක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්ය.


















