BREAKING NEWS
Search

පෑලියගොඩදී වෙඩි වැදුණු දෙදෙනාගෙන් එක් අයෙකු මරුට

266

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ
ඉලක්කය වී ඇත්තේ, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකු බව පොලීසිය පැවසීය.

එහිදී මාර්ගයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකුට ද වෙඩි වැදී තිබුණි.

වෙඩි වැදිමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙලෙස එක් අයෙකු මියගොස් තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *