BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවට නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් ගැන විශේෂ ආරංචියක්..

166
මේ කියන්න බොහෝ දෙනෙකුට වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්..
ඔබත් සමහරහක් විට තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරන අයෙක් නම් මෙන්න මේ කාරණය ඔබටත් වැදගත් වේවි..

රටේ ආර්ථික ප්‍රකෘතිය සහ පොලී අනුපාත පහත වැටීම මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ නව ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව මේ වසරේ ජුනි මාසයේදී 10,934 කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත අනාවරණය කරනවා..

මෙම නව කාඩ්පත් එකතුව සමඟ, මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ජුනි අවසානයේදී 2,075,744ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා..

මැයි මාසය අවසන් වන විට එය 2,064,810ක් වූ අතර, මෙම වර්ධනය 0.52%ක වැඩිවීමක්..

මේ අතර මෙම වසරේ මුල් මාස හය තුළ ක්‍රියාකාරී ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 3.36% කින් ඉහළ ගොස් තිබෙන බව දත්ත මඟින් අනාවරණය වෙනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *