BREAKING NEWS
Search

රෑට වැඩ ඉවර වෙලා ඔයත්, මේ පැත්තෙන්ද යන්නේ… දැනුවත්වන්න. පරිස්සම්වන්න

1394

මේ පණිවිඩය රාත්‍රීයේ වැඩ නිම වී යන ඔබට…

ඉකුත් මාස කිහිපය තුළ දෙහිවල ගල්කිස්ස සහ කොහුවල පොලිස් වසම්වල රාත්‍රී කාලයට විවිධ කාර්යයන් සහ රැකියා නිමකර අදාල නිවෙස් වෙත යමින් සිටින ආගන්තුක පිරිමි පුද්ගලයන් මුලාකර ඔවුන් ලැගුම්හල්වලට සහ පාළු ස්ථානවලට රැගෙන ගොස් දේපළ කොල්ල කෑම් කීපයක් සිදුව ඇති බව පොලිස් ස්ථානවලට වාර්තා වී තිබෙනවා.එම කතුන් රාගය ඇති වන ආකාරයෙන් අඩ නිරුවතින් රාත්‍රී කාලයට පුද්ලයින් ගැවසෙන සුරාසැල්, පොදු ප්‍රවාහන සේවා ස්ථාන සහ මාර්ග අසල තැනින් තැන රැඳීසිටිමින් ආගන්තුක යැයි හැඟවෙන ඔවුන්ගේ ග්‍රහනයට ගැතහැකි පිරිමි පුද්ගලයන් වෙත සූක්‍ෂම ලෙස ලංවී ඔවුන්ව මුලාකර ලැගුම්හල්වලට හෝ පාළු ස්ථානවලට රැගෙන යාම සිදුකර මෙලෙස දේපළ කොල්ල කෑම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධීන් පිළිබදව පොලිස් ස්ථානයය වෙත ලද පැමිණිලි සඳහන් ව ඇති ආකාරයට ඇතැම් කතුන් වෙනත් පුද්ගලයන්ගේද සහයෝගය ඇතිව මරණ තර්ජන කර කොල්ලකෑම් සිදු කර තිබෙනවා.

ඒ අනුව ගල්කිස්ස කොට්ඨාස අපරාධය විමර්ශන කාර්යාංශය විසින් පසුගියදා විශේෂ වැටලීමක් සිදුකළ බව ගල්කිස්ස පොලීසිය සඳහන් කරනවා.

මෙම වැටලීමේදී සැකකාරියන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *