BREAKING NEWS
Search

ටෙලියක් නිසා තරුණ නළුවෙකුට අත් වූ ඉරණම

678

“සදහටම ඔබ මගේ” සිංහල හඬ කැවූ ටෙලිනාට්‍යයේ රන්වීර්ව මතකද?

“මේරි ආශිකි තුම් සේ හී” නමින් ඉන්දියාවේ විකාශය වූ මෙම මාලා නාට්‍යය ශක්ති අරෝරාට දැඩි ප්‍රේක්ෂක ආදරයක් හිමි කරදීමට සමත් වෙනවා. ඔහුට මෙම නිර්මාණයට සම්මාන රැසක් හිමි වෙනවා. ශක්ති අරෝරා සිය රංගන ජීවිතය 2006 වසරේ “ශ්.. ෆිර් කෝයී හේ” නාට්‍යයෙන් ආරම්භ කළා. 2006 වසරේ සිට 2014 දක්වා නිර්මාණ කිහිපයකටම දායක වුණත් ඔහුට වාසනාව රැගෙන එන්නේ 2014 වසරේ “මේරි ආශිකී තුම් සේ හී” නාට්‍යයයි. මෙම නාට්‍යය ලංකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක හඬ කවා විකාශය කළ අතර ශක්ති අරෝරා රන්වීර් ලෙස ලොව පුරාම ජනප්‍රිය විය.

“මේරී ආශිකී තුම් සේ හී” නාට්‍යයෙන් පසු ශක්ති අරෝරා නිර්මාණ කිහිපයකටම දායක විය.  නමුත් 2018 වර්ශය නම් ඔහුට එතරම් වාසනාවන්ත වසරක් වූයේ නැත. ඔහු 2018 වර්ශයේ “සිල්සිලා බදල්තේ රිශ්තෝන් කා” නම් නාට්‍යයට සම්බන්ධ වූ අතර මෙම නාට්‍යය “සිහිනයක සේයා” නමින් සිංහලෙන් හඬ කවා ලංකාවේ ද විකාශය වුණා. ශක්ති අරෝරාට අවාසනාව ගෙන ආවේ මෙම නාට්‍යයයි. මෙම නාට්‍යයේ කතාව පාදක වී තිබුණේ බිරිඳගේ හොඳම යෙහෙළිය සමඟ අනියම් සබඳතාවක් පවත්වාගන්න සැමියා පසුව බිරිඳ අත්හැර බිරිඳගේ යෙහෙළිය හා විවාහ වීමක් සම්බන්ධවයි. මෙම නාට්‍යයේ සැමියා වන කුනාල්ගේ චරිතය රඟ දැක්වූ ශක්ති අරෝරාට නොසිතූ ආකාරයට මේ හරහා දැඩි ප්‍රේක්ෂක වෛරයකට මුහුණ දෙන්නට සිදු වුණා. ඉන්දියාවේ සාම්ප්‍රදායික විවාහ සංස්කෘතියට මරු පහරක් ලෙස මෙම නාට්‍යය සැලකූ ප්‍රේක්ෂකයන් “සිල්සිලා බදල්තේ රිශ්තෝන් කා” නාට්‍යය මෙන්ම  එහි සැමියාගේ චරිතය රඟ දැක්වූ ශක්ති අරෝරාව ද ප්‍රතික්ෂේප කරන්නට පටන් ගත්තා. ශක්ති අරෝරා එම වෛරී සහගත ප්‍රතිචාර වලට ලබා දුන් පිළිතුරු රසිකයන්ගේ වෛරය තවත් වැඩි කරන්නට හේතු වුණා. කෙසේ වෙතත් අවසානයේදි මෙම නාට්‍යය අතරමැද නවතා දැමීමට නිශ්පාදකයන්ට සිදු වුණා.

මෙම නිර්මාණයෙන් පසුව ශක්ති අරෝරා නිර්මාණ කිහිපයකටම දායක වුවත් ප්‍රේක්ෂක ආකර්ෂණය පෙර ලෙසම නැවත ලබා ගැනීම ඔහුට හැකිවූයේ නැත. මෙම නිසාම ඔහු මෑත කාලීනව දායක වූ නිර්මාණ කිහිපකින්ම ඔහුගේ චරිත නිර්මාණය අතරතුර ඉවත් කිරීමද සිදුව ඇති බව වාර්තා වේ.

EXCLUSIVE INTERVIEW! Shakti Arora: Emotional Intelligence Is Crucial For  Actors As We Are Constantly Tapping Into Our Emotions To Portray Different  Characters

සටහන – සුහංසි වීරසිංහ

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *