මින් පෙරත් කතා මැවූ දෙදෙනෙක් වෙන මෙලනියා ට්‍රම්ප් සහ හන්ටර් බයිඩන් අතර පවතින කෝන්තරයක් ගැනයි මේ කතාව..
මේ අතර මෙලනියා ට්‍රම්ප් වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව විවාහ කරගෙන ඇත්තේ 2005 වසරේදී වන අතර ඔවුන් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ එප්ස්ටයින් හරහා බවට හන්ටර් බයිඩන් කර ඇති ප්‍රකාශය හේතුවෙන් සිය සේවාදායිකාවගේ කිර්ති නාමයට හා මූල්‍යතත්ත්වයට ඉමහත් හානියක් සිදුව ඇති බවද මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් හන්ටර් බයිඩන් වෙත යවා ඇති ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා…
හන්ටර් බයිඩන්ට අන් අයගේ නම වෙළඳාම් කර සමාජයේ අවධානය දිනාගැනීමට උත්සාහ දැරීමේ ඉතිහාසයක් පවතින බවද මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් පවසා තිබෙනවා.. මේ අතර ජනාධිපති ට්‍රම්ප්ව හඳුනාගත් අවස්ථාවේදී මෙලනියා ලිංගික අපරාධකරු එප්ස්ටයින්ගේ සහායකයකුව දැන හඳුනාගෙන සිටි බවට ඇමරිකානු පුවත්පතක් වන ‘ඩේලි බිස්ට්’ පුවත්පතට ප්‍රකාශයක් කර තිබූ මාධ්‍යවේදී මයිකල් වුල්ෆ් හටද හන්ටර් බයිඩන් වෙත යවන ලද වන්දි ලිපිය අදාළ වන බව මෙලනියා ට්‍රම්ප්ගේ නීතිඥයන් පවසා තිබෙනවා..



















