BREAKING NEWS
Search

අයාලේ යන සුනඛයන් වහා අල්ලා රඳවනු!

226

අයාලේ යන සුනඛයන් අල්ලා ආරක්ෂක ස්ථානවල තබාගැනීම වහාම ආරම්භ කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දිල්ලි රජයට සහ සිවිල් ආයතනවලට නියෝග කර තිබේ. මෙය එරට බලවත් විවාදයකට පත්ව තිබේ. මන්ද දිල්ලියේ පමණක් අයාලේ යන බල්ලෝ ලක්ෂ දහයක් සිටිති.

මේ බල්ලන්ට පහසුකම් සැලසීමට දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුවට නොහැක.

බල්ලෙකුගේ සපාකෑමකට හෝ පහර දීමකට බියෙන් තොරව නිදහසේ ගමන් කිරීමට මිනිසකුට ඇති මූලික අයිතිය අවධාරණය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය දී තිබේ. මෙම නියෝගය අනුව අයාලේ යන සුනඛයන් ඔවුන් වෙනුවෙන් කැපවූ සුනඛ නවාතැන් වෙත ගෙන යා යුතු අතර ඔවුන් නැවත වීදිවලට මුදා නොහැරිය යුතු බව අවධාරණය කර තිබේ.

ඉන්දීය රජයේ දත්ත අනුව 2024 දී රට පුරා සුනඛ සපාකෑම් 37,15,713 ක් සහ දිල්ලියේ සුනඛ සපාකෑම් 25,201 ක් වාර්තා වී තිබේ. එම වාර්තාවට අනුව ජනවාරි මාසයේදී පමණක් දිල්ලියේ සුනඛ සපාකෑම් 3,196 ක් වාර්තා වී තිබේ.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *