BREAKING NEWS
Search

බෙලිඅත්තේ තවත් අනතුරක්.. මේ වෙනකොට මිනිස් ජීවිත 234ක් බිළිගත් , යකඩ යකා..

2796

අනතුරු නිසා නැතිවෙන මිනිස් ජීවිතවල අගය එන්න එන්නම වැඩි වෙනවා.

2025 වසරේ ගතවූ මාස 7 තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 234 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු පවසනවා.

දුම්රිය පාපුරුවෙන් වැටීම්, දුම්රියට පැන දිවිනසා ගැනීම්, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම්, ගෙල තැබීම් සහ දුම්රියට නැගීමට යාමේදී වැටීම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම මරණවලින් බහුතරයකට හේතුව පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම බවද ඔවුන් පෙන්වා දෙනවා.

එසේම, දුම්රිය හරස් මාර්ගයට නොසැලකිලිමත් ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන්, ගතවූ මාස 7 තුළ අනතුරු 31ක් සිදුව ඇතැයි ද සඳහන් වනවා.

තවද , ඊයේ(14) රාත්‍රීයේ ත් මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සිඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගයෙකු මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වූ නොමැති අතර, මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *