BREAKING NEWS
Search

ගුටි බැට හුවමාරුවෙන් අවසන් වූ හොකී අවසන් සටන

135

මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා තරගාවලිය යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාල හොකී පිටිය දී විද්‍යාර්ථ පිලත්, මාතලේ ශාන්ත තෝමස් පිලත් අතර පැවැති අවසන් මහා තරගයේ දී ශාන්ත තෝමස් ක්‍රීඩකයන් ප්‍රතිවාදි ක්‍රීඩකයන්ට හොකී පිතිවලින් පහරදෙමින් කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් තරඟය අතරමැද නවතා දැමීමට සිදුවිය.

පහරදීමෙන් තුවාල ලැබූ ක්‍රීඩකයන් දෙදෙනෙකු පේරාදෙණිය ශික්ෂන් රෝහලට ඇතුලත් කොට ඇති අතර ඉන් එක් ක්‍රීඩකයෙකුගේ ඔලුවට මැහුම් ද යොදා තිබේ.

විද්‍යාර්ථ විද්‍යාලයේ හොකී පුහුණුකරු වන ගයාන් ධර්මරත්න මහතා පවසා සිටියේ තරඟය ආරම්භ වී විනාඩි 12 ක් පමණ ගතවන අවස්ථාවේ දී විද්‍යාර්ථ ක්‍රීඩකයන් ගෝලයක් වාර්තා කිරීමත් සමඟ ශාන්ත තෝමස් ක්‍රීඩකයන් තම ක්‍රීඩකයන්ට බිම පෙරලාගෙන හොකී පිතිවලින් පහරදීමට පටන් ගත් බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *