BREAKING NEWS
Search

රට පුරා කෞතුකාගාර වහන අරින දින-වේලා වෙනස් කරයි

75

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති කොළඹ ජාතික කෞතුකාගාරය හා අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර සැප්තැම්බර් 1 දින සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘතව තබන දින සහ වේලා සංශෝධනය කර ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරි ආරච්චි මහත්මිය පවසයි.

ජාතික කෞතුකාගාර දෙපාර්‌තමේන්තුවට අයත් සියලුම කෞතුකාගාර සතියේ සෑම සඳුදා දිනකම නඩත්තු කටයුතු සඳහා වසා තැබෙන බැවින් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත නොකෙරෙන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.

රජයේ ප්‍රසිද්ධ නිවාඩු දින අතුරින් ජාතික නිදහස් දිනය, සිංහල හින්දු අළුත් අවුරුදු නිවාඩු දින 2ක්, කම්කරු දිනය හා වෙසක් පොහෝ දිනය යන දින වලද කෞතුකාගාරය  විවෘත කරනු නොලැබේ.

කොළඹ ජාතික කෞතුකාගාරය සහ ජාතික ස්වභාවික විද්‍යා කෞතුකාගාරය විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව:6.00 දක්වා වේ. අනෙකුත් ප්‍රාදේශීය කෞතුකාගාර විවෘතව තබන වේලාව පෙ:ව:9.00 සිට ප:ව: 5.00 දක්වා වේල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ප.ව:4.00ට අවසන් වේ.

කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වභාවික විද්‍යා කෞතුකාගාරය නැරැඹීමේ ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රය නිකුත් කරන වේලාව ප:ව :3.00 ට අවසන් වන බවද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *