පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී වෙඩි තියන්න ආ තුවක්කුකරුට පිගානෙන් ගසා දිවි බේරාගත් පස් දිලීප

1040

පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා  නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පස් ව්‍යාපාරිකයා අත දරා සිටි බත් පිගානින් සහ පස් ව්‍යාපාරිකයාගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින් වෙඩික්කරුට පහරදෙද්දී වෙඩික්කරු යතුරු පැදියේ නැඟ පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *