BREAKING NEWS
Search

බන්ධනාගාර රෝහලේ හිටපු නි. අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත අත්අඩංගුවට

303

බන්ධනාගාර සෞඛ්‍ය සේවා හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ,2024 වර්ෂයේදී, බන්ධනාගාරගත කර සිටි රැඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු බන්ධනාගාරගත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව, තවදුරටත් එහි නේවාසිකව රඳවාගෙන ප්‍රතිකාර සිදු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුලියල් 1,500,000ක් ඉල්ලා ඉන් රුපියල් 300,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

වෛද්‍ය හේමන්ත රණසිංහ මහතාව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (13) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සැකකරුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඔහු දැනට අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (වැ.බ) ලෙස කටයුතු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *