Search

ජපන් රැකියා සිහිනය පෙන්වා මුදල් ගැරූ ගල්කිස්සේ කත පලා ගිහින්

176

ජපානයේ රැකියා සඳහා යවන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ තොරතුරු ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තා වේ.

වසර දෙකක කාලයකට Work Visa ලබාදෙන බව පවසමින් මෙම කාන්තාව ගනුදෙනුකරුවන්ගෙන් මුදල් වංචා කර ඇති බවට පොලීසියට පැමිණිලි ද ලැබී තිබේ.

ඒ අනුව ගම්පොළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු 2023 වසරේ නොවැම්බර් මස 14 වන දින අදාළ කාන්තාවට රුපියල් ලක්ෂ 5ක මුදලක් මුලික ගෙවීම් ලෙස සිදුකර ඇත.

මේ වන තෙක් අදාළ කාන්තාව එම මුදල් ආපසු ලබාදීමට හෝ ජපාන රැකියා සඳහා යොමුකිරීම කටයුතු කර නොමැති හෙයින් අදාළ කාන්තාවට එරෙහිව ගල්කිස්ස පොලීසියේ පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එහෙත් එම කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ කාන්තාව විසින් මෙලෙස පුද්ගලයින් කිහිපදෙනෙකුටම වංචා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *