BREAKING NEWS
Search

රොනාල්ඩෝ විවාහ ගිවිස ගනී. ලොවම කලබමින් රොනාල්ඩෝ දුන් මුදුවේ වටිනාකම මෙන්න

612

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ සහ සිය දිගු කාලීන පෙම්වතිය ජෝර්ජියානා විවාහ ගිවිසගත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ 40 හැවිරිදි රොනාල්ඩෝගේ සිය පෙම්වතිය 31 හැවිරිදි ජෝර්ජියානා සමඟ සිටින ඡායාරූපයක් මෙන්ම රොනාල්ඩෝ ඇයට ලබා දුන් කැරරට් 25 ත් 30 ත් අතරේ වටිනාකමකින් යුත් මුදුවේ ද ඡායාරූප ඉස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දීය.

මෙම මුදුවේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 2 ත් 5 ත් අතර අගයක් ගන්නා බව ද පැවසෙයි.

රොනාල්ඩෝ සහ ජෝර්ජියානාගේ ආදර කතාව වසර 8 ක් පැරණිය. දෙදෙනා පෙම්වතුන් බව ප්‍රසිද්ධියට පත් කෙරුණේ 2017 දීය.

ජෝර්ජියානා නිරූපිකාවක මෙන්ම ව්‍යාපාරික කාන්තාවකි. ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය තැනැත්තියකි.

රොනාල්ඩෝ  දරුවන් පස් දෙනකුගේ පියකු වන අතර අතර, රොනාල්ඩෝ සහ ජෝර්ජියානාට දියණියෝ දෙදෙනෙක් සිටිති. රොනාල්ඩෝ මේ වනවිට සෞදියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *