BREAKING NEWS
Search

ප්‍රදේශයම කලබමින් උසස්පෙළ සිසුවියගේ සිරුර ළිඳකින් හමුවෙයි

1461

වවුනියාව, වෙෙරවපුලියංකුලම් හි පෞද්ගලික උපකාරක පංති පැවැත්වෙන ස්ථානයක ළිඳක්තුල තිබි මියගිය උසස්පෙළ සිසුවියකගෙ සිරුරක් ඊයේ (11)සවස සොයාගත් බව වවුනියාව පොලිසිය කියයි.

අතුරුදන් පාසල් සිසුවියක පිළිබඳ වවුනියාව පොලිසිය වෙත ලැබුණ පැමිණිල්ලක් මත පොලිසිය හා ප්‍රද‍ෙශවාසීන් එක්ව සිදුකළ පරික්ෂාවකදී අඩි 30 පමණ ගැඹුර ළිඳ තුළ තිබී සිසුවියගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

එලෙස ජීවිතක්ෂයට පත්ව අ‍ැත්තෙ වවුනියාව කූමරසකුලම් පදිංචි වවුනියාව බාලිකා විදුහලක 12 වන වසරේ වාණිජ අංශයෙන් ඉගෙණුම ලැබූ ශිෂ්‍යාවකි.

ඊයේ  උදෑසන සිට අධ්‍යාපන අ‍ායතනයතුල පංති පැවත්වා ඇති අ‍තර සිසුවියද දිවා කාලය වනතුරු එම පංති සඳහා සහභාගී වී ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

එම පෞද්ගලික අ‍ායතනයේ සවස් කාලයෙදීද පංති කිහිපයක් පවත්වා අ‍ැති බවත්  සිසුවියගෙ පාවහන්, පංති රැගෙන බෑගය සහ පාපැදිය උපකාරක පංති පැවැත්වෙන ස්ථානයෙ ළිඳ අසල තිබී සොයාගත් බවත්  පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *