BREAKING NEWS
Search

තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ සහස්පුර වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට…

151
පසුගිය 7 වැනිදා රාත්‍රියේ බොරැල්ල රත්කළ සිදුවිමක් සිදුවුණා… ඒ බිහිසුණු සිදුවීමේ රහස් රැසක් හෙළිවී තිබෙනවා… මේ කියන්න හදන්නේ ඒ ගැනයි…
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි.

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 7 වැනිදා රාත්‍රියේ බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ ක්‍රීඩාංගණය අසළ රැඳී සිටි තරුණයින් පිරිසක් ඉලක්ක කර වෙඩි තබා තිබුණා.

සිද්ධියෙන් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනෙකු තුවාල ලැබූ අතර අසාධ්‍ය තත්ත්වයෙන් සිටි තිදෙනෙකුගෙන් එක් අයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි ආරුමුගම් අක්ෂදන් නමැති වනාතමුල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේම පදිංචි තරුණයෙක්.

මේ අතර මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය සඳහන් කළා.

විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළේ, සැකකරුවන් බොරැල්ල පොලිසියට භාර දීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී ඇති බවයි.

ඔවුන් බොරැල්ල සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය ප්‍රකාශ කළා.

ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයා ද හඳුනාගෙන ඇති අතර චූටා නමින් හඳුන්වන අදාළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඝාතනය සඳහා පැමිණි යතුරු පැදිකරුගේ සමීපතමයින් බවයි.

එම යතුරු පැදිකරු, අත්අඩංගුවට ගත් සලේ නමැති එක් සැකකරුවෙකුට සිම්පතක් අවශ්‍ය බව පවසා ඇති අතර, අත්අඩංගුවට ගත් දෙවැනි සැකකරුගෙන් සලේ නමැත්තා සිම්පතක් ඉල්ලා තිබෙනවා.

විමර්ශනවලදී හෙළිව ඇත්තේ, දෙවැනි සැකකරු සමීප ඇසුරක් පවත්වාගෙන යන කාන්තාවකගෙන් එම සිම්පත ලබාගෙන තිබෙන බවයි.

පසුව සලේ නමැත්තාට සිම්පත ලැබුණු පසු ඔහු චූටා නමැති වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය පැදවූ පුද්ගලයාට පවසා ඇති අතර, එම සිම්පත රැගෙන ඒමට චූටා නමැත්තා අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරු බොරැල්ල මවුන්ට් මේරි හන්දියට එවා තිබෙනවා.

පසුව එම සිම්පත රැගෙන ත්‍රිරෝද රථ රියැදුරු චූටා නමැති සැකකරු රැඳී සිටි කුප්පියාවත්ත ප්‍රදේශයට ගොස් ඇති අතර, චූටා නමැත්තා සිම්පත ලබාගෙන යතුරු පැදි හිස්වැසුම් දෙකක් ද රැගෙන එම ත්‍රිරෝද රථයෙන්ම පැමිණ නෙළුම් පොකුණ රඟහල අසළින් බැස ඇති බවත් විමර්ශන පොලිසිය ප්‍රකාශ කළා.

විමර්ශන නිලධාරීන් සඳහන් කළේ, එදින රාත්‍රියේ අදාළ වෙඩි තැබීම කර ඇති අතර,ඉන් පසු යතුරු පැදිකරු දුරකථනය අක්‍රිය කර මේ වනවිට සැඟව සිටින බවයි.

සිම්පත ගත් පුද්ගලයා, සලේ නමැත්තා සහ චූටා නමැති යතුරු පැදිකරු යන තිදෙනාම වනාතේ දුමින්දගේ පාර්ශ්වයේ අය බව ද මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

මේ අතර අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *