BREAKING NEWS
Search

තරුණ එක්දරු මවට හදි කළ වෛද්‍යවරයාට අද දුන් නියෝගය

284

25 හැවිරිද එක්දරු මවක සිය ශරීරය තුළ තැන්පත් කළ උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයට ගිය තරුණ මවගේ ලූපය ඉවත් කරන මුවාවෙන් ඇය දූෂණය කිරීමේ චෝදනාවට වරද කරුවූ වෛද්‍යවරයකුට වසර 15ක සිරදඬුවමක් නියම කළ අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැමිණිළිකාරියට මුදලින් රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස ද අද නියෝග කළේය.

එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකාර වෛද්‍යවරයාට තවත් වසර තුනක සිර දඬුවමක්ද නියම කරනු ලැබීය.

වන්දියට අමතරව මුදලින් රුපියල් ලක්ෂයක දඩයක් ගෙවන ලෙස නියෝගය කළ විනිසුරු ආචාර්ය නලින්ද ද සේවාවසම් මහතා එම දඩු මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක්ද නියම කෙරිණ.

විත්තිකාර වෛද්‍යවයාට දඬුවම් නියම කරමින් අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහතා පැවසුයේ විත්තිකාර වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිළි පාර්ශවය සමත්ව ඇති බවයි.

ඒ අනුව විත්තිකරු එරෙහිව එල්ල කර තිබූ ස්ත‍්‍රි දුෂණ චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරන බවද මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *