BREAKING NEWS
Search

ධම්මික පෙරේරාත් පරදා දකුණු ආසියාවේ ඉහළම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර

215

දකුණු ආසියාවේ ඉහළම ඩොලර් බිලියනපතියන් අතරට ශ්‍රී ලංකාවෙන් ඉෂාර නානායක්කාර මහතා ඇතුළත්ව සිටින බව ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කර තිබේ.

ඉෂාර නානායක්කාර මහතාගේ ශුද්ධ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් ලෙස ගණනය කර ඇති අතර 2025 වසරේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අංක එකට සිටි ධම්මික පෙරේරා මහතා අභිබවා යෑමට ඔහු සමත්ව ඇති බව එම පුවතේ දැක්වෙයි.

ඉෂාර නානායක්කාර මහතා රටවල් 10 කට අධික සංඛ්‍යාවක මෙහෙයුම් සහිත විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා සහ ආයෝජන සමූහයක් වන ඛධඛක්‍ හෝල්ඩින්ග්ස් හි සභාපතිත්වය දරන අතර ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමේදී විශාල දායකත්වයක් දරා ඇත.

ශුද්ධ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 118 ක් සහිතව රිලයන්ස් ඉන්ඩස්ටී්‍රස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි ඉන්දියාවේ සහ දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස රැඳී සිටී. පාකිස්තානය නියෝජනය කරමින් ඩොලර් බිලියන 13.5 ක වත්කමක් සහිතව පාකිස්තාන-ඇමෙරිකානු බිලියනපතියකු වන ෂාහිඩ් ඛාන් මෙම ලයිස්තුවේ සිටින අතර බංග්ලාදේශයේ ධනවත්ම පුද්ගලයා වශයෙන් මොසා බින් ෂම්ෂර් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක වත්කමක් සහිතව ලැයිස්තුගත කර ඇත. නේපාලයේ එකම බිලියනපතියා වන බිනෝද් චෞද්‍රි ඩොලර් බිලියන 1.6ක් සහිතව දකුණු ආසියාවේ ඉහළම ධනවතුන් ලැයිස්තුවේ රැඳී සිටියි.

චතුර පමුණුව




Leave a Reply

Your email address will not be published. Required fields are marked *