BREAKING NEWS
Search

මන්ත්‍රීවරුන් තිදෙනෙක් මාසික වැටුප ජනතාවට බෙදා දෙයි

333

ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් නුවරඑළිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් වූ ඒ.ආර්.අජිත් කුමාර මහතාගේ අදහසකට අනුව ඔහු හා පූජ්‍ය මාකඳුරේ රතනවංශ හිමි, සමගි ජන බලවේගය නගරික මන්ත්‍රී නුවන් පොරුතොට යන අයගේ මාසික වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

එයට අනුව එම මුදල අඩු ආදායම්ලාලාභීන්ට හා ආබාධිත පුද්ගලයන්ට බෙදා දීම  (10දා) මාගස්තොට ශ්‍රී සේනානන්දාරාමය විහාරස්ථානයේදී සිදුවිය.

ස්වාධීන කණ්ඩායම් නායක ඒ.ආර්. අජිත් කුමාර මහතා වැඩිදුරටත් සදහන් කලේ මහ නගරසභාවේ මැතිවරණ කොට්ඨාස 12ම සෑම මසකම පෝය දිනට මෙලෙස මුදල් දී ආවරණය කරන බවයි.

ඔහු පැවසුවේ , “අපි මහජනතාවට සේවය කිරීම වෙනුවෙන් තමයි මහනගර සභාවට පත්වෙලා ආවේ. අපේ කණ්ඩායමේ සාමාජිකයන් ව්‍යාපාර හා රජයේ සේවාවෙන් ලබාගන්නා මුදල් අපිට ජීවත් වෙන්න හොඳටම ඇති. මහජනතාවගේ බදු මුදල්වලින් තමයි අපි පඩියක් ගන්නේ. මාස් පතා නාගරික මන්ත්‍රීවරුන් විදිහට ඒ පඩිය අපි ගන්න එක වැරදියි. ඒක මහජනතාවටම බෙදා දෙන්න තීරණය කළේ ඒ නිසයි . ඇතැම් පක්ෂවල වගේ කටින් කයිවාරු ගහලා අර මුදල්වලට මුදල් යොමුකරලා ඒකෙ පොලිය වැටුණට පස්සේ ඒ මුදල් ආයෙ අරන් බෙදාගන්න ක්‍රම අපි ළඟ නෑ. එදත් අදත් හෙටත් අපේ අතේ තියෙන දේ මහජනතාවට වියදමි කරනවා හැරෙන්න මහජනතාවගෙන් රුපියලක්වත් අපිට එපා.”  




Leave a Reply

Your email address will not be published. Required fields are marked *