BREAKING NEWS
Search

A9 මාර්ගයේ මාරක රිය අනතුරක් – අයෙක් මරුට

343

මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී තිබේ.

ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිට රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී ඇත.

ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී තිබේ.

යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු, කූලරය සහිත ලොරි රථයේ රියදුරු, එම රථයේ රිය සහායක, කාර් රථයේ රියදුරු සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මරණකරු වයස අවුරුදු 37ක් වූ කරම්පහම්, මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *