BREAKING NEWS
Search

හෙට ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

651

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා හෙට (11) දිනයේ පැය 10ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ගම්පහ, අත්තනගල්ල සහ මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල සම්පාදන ක්‍රමයෙහි නිට්ටඹුව සිට මිනුවන්ගොඩ දක්වා ඇති සම්ප්‍රේශණ නලයේ පිරිසිදු කිරීමේ හා විශබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවය.

ඒ අනුව හෙට පෙරවරු 10:00  සිට පස්වරු 08:00 දක්වා වූ පැය 10ක කාලයක් සඳහා රණ්පොකුණගම, බටලිය, අත්තනගල්ල, පස්යාල, නිට්ටඹුව යන කලාප සඳහා ජල සැපයුම මෙලෙස අත්හිටුවීමට නියමිතය.

මේ හේතුවෙන් නිට්ටඹුව කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මිවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශ සඳහා ජල සැපයුම විසන්දි වන බවද එම මණ්ඩල නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *