BREAKING NEWS
Search

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ලැබෙන විශේෂ ලකුණ.. සරසවි යන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්..

25

සරසවි යන්න බලාගෙන ඉන්න දු පුතුන්ට මේ ආරංචිය නම් , සුබම සුබ එකක් වෙයි..

අග්‍රාමාත්‍යවරිය සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති මහාචාර්ය පුජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ද නායක ස්වාමීන්වහන්සේ ඇතුළු ස්වාමීන්වහන්සේලා සමග අරලියගහ මන්දිරයේදී පසුගිය (07) දා සාකච්ඡාවක් පැවැත්වූවා.

මෙහිදී දහම් පාසල් පද්ධතිය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ, විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කිරීමේදී දහම් පාසැල් ධර්මාචාර්ය සමත් දරුවන්ට විශේෂ ලකුණක් ලබා දීම කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ බවයි.

එමෙන්ම දහම් පාසල් අධ්‍යාපනය ක්‍රමවත් හා වටිනාකමක් සහිත අධ්‍යාපනයක් ලෙස ⁣තවදුරටත් සංවර්ධනය කිරීම ඇතුළු අවශ්‍යතා පිළිබඳද සාකච්ඡා කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *