BREAKING NEWS
Search

කෙන්යාවේ බස් රථ අනතුරකින් 25ක් මරුට

1804

නිරිතදිග කෙන්යාවේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ.

අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී සිය නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

බස් රථය බටහිර නගරයේ කකාමේගා සිට කිසුමු නගරය දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර රියදුරුට වේගය පාලනය කර ගත නොහැකි ව බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරට ලක්වූවන් අතර වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙකු ද සිටී.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *