මේ කියන්න යන්නේ නම් ඔයාලා මග බලා සිටි ආරංචියක් ගැනයි.. මොකද මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ රට යන එකනේ..
එක්සත් රාජධානියේ චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා උනන්දුවක් දක්වන සිසුන්ට තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.
අයදුම්පත් 2025 ඔක්තෝබර් 07 වන දින දක්වා භාර ගැනෙනු ඇති අතර , චෙවෙනිං ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් එක්සත් රාජධානියේ ඕනෑම විශ්වවිද්‍යාලයක ඕනෑම ශාස්ත්‍රපති පාඨමාලාවක් හැදෑරීම සඳහා පූර්ණ අරමුදල් සහිත ශිෂ්‍යත්ව පිරිනමනු ලබනවා.
තවද , මේ පිළිබඳව වැඩි විස්තර , බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකියි.


















