BREAKING NEWS
Search

එළුවන් බලන්න ගිය පුංචි මල් කැකුල ඉසඩ් ඇළට බිලි

218

අවුරුදු අටක්  වයසැති  දරුවකු  මව සමග එළුවන් බැලීමට අද සවස ගිය අවස්ථාවේදී පොළොන්නරුව වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේදී ඉසඩ්.ඩි. ප්‍රධාන ඇළට වැටි මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද නාගස්තැන්න  පදිංචිව සිටි එම්.පී.ලශ්මික හේශාන් යන පිරිමි දරුවකු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

දරුවා මව සමග එළුවන් බැලීමට ගොස් ඇති අතර,දරුවා නොමැති විට ඔහු නිවසට ගොස් ඇති බවට සැකසිතූ මව නිවසට ගොස් ඇත.

එවිට නිවසේ දරුවා නොසිට ඇති අතර මව ඉසැඩ්.ඩි.ඇල ප්‍රදේශයට ගොස් දරුවා ප්‍රදේශවාසීන් සමග සොයා ඈත.

පැය දෙකක පමණ මෙහෙයුමකින් අනතුරුව ප්‍රදේශවාසීන් දරුවාගේ සිරුර ඉසෙඩ්. ඩී.ඇලේ තිබී සොයා ගැන ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.පී.ජේ. කුමාරසිංහ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *