BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කල රිය අනතුර

257

කොළඹ – මහනුවර මාර්ගයේ ඉඹුල්ගොඩ 14 හන්දිය ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයක් රැගෙන ගිය ට්‍රැක්ටරයකට , යතුරු පැදියක ගමන්ගත් 23 හැවිරිදි තරුණයෙකු යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සදහන් කරයි.

මිය ගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි හෙනරත් ආරච්චිගේ දොන් නවීන් පසිදු නමැති අයෙකි.

ධාවනය වෙමින් තිබූ කාර්රථයක් හැරවීම හේතුවෙන් මහනුවර දෙසට යමින් තිබූ කාරයක් නවතා තිබියදී පසුපසින් අධික වේගයෙන් පැමිණි ඇති යතුරු පැදියක් කාරයේ ගැටී පැදිකරු විසිවී ගොස් පසුපසින් පැමිණි ට්‍රැක්ටරයකට යටවීමෙන් තුවාල ලබා  ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පවසයි.

යතුරුපැදි කරු නොසැලකිලිමත්ව සහ පරීක්ෂාකාරීව යතුරු පැදිය ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බව පොලීසිය සදහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *