BREAKING NEWS
Search

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සපුරාම තහනම් වන දේ…

5004
පහ වසර ශිෂ්‍යත්ව විභා­ගය මේ මස 10 දා රට පුරා විභාග මධ්‍ය­ස්ථාන 2,728කදී පැවැත්වෙනවා.

ඒ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභා­ගයේ උප­කා­රක පන්ති පැවැ­ත්වීම අනිද්දා (06) මධ්‍යම රාත්‍රී 12න් පසුව සපුරා තහ­නම් බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි ලිය­නගේ මහ­ත්මිය පවසනවා.

විභාග අපේ­ක්ෂ­ක­යන් සඳහා උප­කා­රක පන්ති සංවි­ධා­නය සහ එම පන්ති මෙහෙය වීම, විෂ­යා­නු­බද්ධ දේශනා, සම්ම­න්ත්‍රණ, වැඩ­මුළු පැවැ­ත්වීම, මෙම විභා­ගය සඳහා අනු­මාන ප්‍රශ්න ඇතු­ළත් ප්‍රශ්න පත්‍ර මුද්‍ර­ණය කිරීම සහ ඒවා බෙදා හැරීම,

විභාග ප්‍රශ්න පත්‍ර­වල ප්‍රශ්න ලබා­දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා­දෙන බවට පෝස්ටර්, බැනර්, අත්ප­ත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම මෙම තහ­නම යටතේ බල­පැ­වැත්වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *