BREAKING NEWS
Search

සජබ මන්ත්‍රීගේ සූදු පොළ වටලයි

139

ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.

ඉපලෝගම කුංචිකුලම නිවෙසක් තුළ සූදුපොලක් පවත්වාගෙන යන බවට ඉපලෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව වහ ක්‍රියාත්මකව ඇති ඉපලෝගම පොලිසිය අද (04) සිදුකළ ක්ෂණීක වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

අත්අඩංගුවට පත් සැකකාර සජබ ප්‍රාදේශීය සභා සභීකයා  සූදු පොල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

සූදූ පොලේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම කුංචිකුලම, මඩාටුගම, කැකිරාව, එප්පාවල, කටියාව, කරඹෑව, දෙන්නෑව හා ගල්නෑව ඇතුලු ප්‍රෙද්ශ රැසක පදිංචිකරුවන් බව පොලිසිය කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *