සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගේ පාසල් මිතුරකු වන නාවික හමුදා සෙබලකු ඇතුළු තිදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග අද (4) අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ මාදෙල්ගමුව ප්‍ර දේශයේ නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නියතු නාවික හමුදා සෙබළකු (37) , රූපලාවන්‍ය ශිල්පියකු (35) සහ 24 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් නාවික හමුදා සෙබළා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 150ක්, රූපලානව්‍ය ශිල්පියා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9 ක් ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8 ක් සහ මිලිග්‍රෑම් 850 ක් පොලිසිය සොයාගෙන ඇත.
සැකකරුවන් කිසියම් අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ද යන්න පිළිබදව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



















