BREAKING NEWS
Search

පියා කැපූ අනාරක්ෂිත වැසිකිළි වළකට වැටී දරුවා මරුට

202

පියා විසින් කපා තිබූ වැසිකිළි වළකට වැටී 8 හැවිරිදි බාල පුතා ජීවිතක්ෂයට පත් වී ඇති බව බගවන්තලාව පොලීසිය  කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති (8) හැවිරිදි සිසුවායි.

බගවන්තලාව පොලිස් වසමට අයත් කිව් වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු අලුතින් ඉදි කරමින් පවතින නිවසට වැසිකිලියක් ඉදි කිරිම සදහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වලක් කපා තිබේ.

එම වලේ වැසි ජලය පිරි තිබෙන අවස්ථාවේ ඒ අසළින් ගමන් කිරිමට ගිය පාසල් සිසුවා එම වළට වැටෙන්නට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය සැක කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *