BREAKING NEWS
Search

පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තාත්තා කොළඹ නිල නිවසෙන් ඉවත්ව යනවා

510

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත්  කෙටුම්පත සම්මතවූ සැණින්  තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම එක දේපළක් වත් බලෙන් ගත් ඒවා නොවන බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේදී ගන්නා යම් යම් තීරණ හේතුවෙන්  ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  පසුවට ප්‍රශ්න මතුවිය හැකි හෙයින් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ගන්නා මෙම තීරණ ඉදිරියේදී  ඔහුටම පාරාවළල්ලක් විය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සංවිධායකවරුන් පිරිසකට පත්වීම් ලිපි ලබාදීමෙන්  පසු කොළඹ එම පක්ෂ කාර්යාලයේදී  මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  දිනුම් අමුණුගම  මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹින් යැව්වොත් ගෙවල් සීයක් ඔප්පුත් එක්ක දෙන්න මිනිස්සු ඉදිරිපත් වන බවයි .මහින්ද මහතා වෙනුවෙන් නොනිල ජනාධිපති මන්දිර සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට ජනතාව සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *