BREAKING NEWS
Search

මාතර කපුගම ප්‍රදේශයේ වෙඩි තැබීමක්

309

මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ.

තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *