BREAKING NEWS
Search

පෙරහර තොරතුරු බලන්න පොලිසියෙන් වෙබ් අඩවියක්

66

මහනුවර ශ්‍රී දළදා මාලිගාවෙන් වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ‘මහනුවර ඇසළ පෙරහර 2025‘ නමින් තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලිසිය හදුන්වා දී ඇත.

මෙම තොරතුරු පද්ධතිය මගින් රථවාහන නැවැත්වීම සදහා වෙන්කර ඇති රථගාල්, පෙරහර ගමන් ගන්නා මාර්ගය, පෙරහර නැරඹිය හැකි ස්ථාන, සනීපාරක්ෂක පහසුකම් පෙරහර නැරඹීමට පැමිණ මගහැරෙන පුද්ගලයන් හමුවිය හැකි ස්ථාන සජීවී තොරතුරු ලබාගත හැකි බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් විසින් මෙම පද්ධතිය නිරතුරුව යාවත්කාලීන කරන අතර www.police.lk යන පොලිස් වෙබ් අඩවියට පිවිස ‘මහනුවර ඇසළ පෙරහර හෝ https://kandyesalaperahera.police.lk යන යෙදවුමට පිවිස මෙම පද්ධතිය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.

ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යය ඊයේ (30) ආරම්භ වූ අතර ලබන 8 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *