BREAKING NEWS
Search

දොදොල් විකුණා ආච්චිවයි අක්කවයි බලාගත්තු පුංචි පුතුට රජයෙන් ලැබුණු උදව්ව

1791

සමාජ මාධ්‍ය යහපත් දෙයකට භාවිතා කරොත් අපිට අනිවාර්යෙන්ම යහපත් දෙයක් සිදු කළ හැකිමයි.

මේ කියන්න යන්නෙත් ඒ වගේ සමාජ මාධ්‍ය නිසා ජීවිතයක් එළිය වුණු විදිහගැනයි. මතක ඇති සමාජ මාධ්‍යයේ වෛරල් වුන ආච්චි අම්මා හදලා දෙන දොදොල් විකුනලා තමන්ගේ පවුල බලාගන්න 7 වසරේ එඩිතර කොල්ලව.

ඉතින් පාසල් යන වයසේ දරුවෙක් මේ විදිහට පාරක් පාරක් ගානේ සල්ලි හොයන්න කට්ට කනවා දැකලා බොහෝ දෙනෙක් මේ ගැන කතා කරන්න පටන් ගත්තා.

ඒ අනුව අද වගකිවයුතු බලධාරීන් ඒ දරුවා හම්බවෙන්න ගිහින්. ඒ දරුවට අධ්‍යාපන කටයුතු අවසන් වෙනකන් බිස්නස් වලින් බැහැරවෙලා ඉන්නත් එයාලා ඔහුගේ අධ්‍යාපනය හරියට කරගෙන යන්න සියලූ පහසුකම් සලස්වන්නත් පොරොන්දු වෙලා.

ඒ වගේම ආච්චිගේ දොදොල් බිස්නස් එක ඒකාකාරීව පවත්වාගෙන යන්න බණ්ඩාරවෙල ටවුම අවට කඩවල් කිහිපයක් සම්බන්ධ කරලා දෙන්නත් පොරොන්දු වෙලා. සමාජ මාධ්‍ය වලින් කල හැකි දෑ බොහෝයි කියන්න මේක උදාහරණයක්. ඉතින් පුතේ ඔයාටත්, ඔයාගේ පවුලටත් ජය වේවා..!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *