BREAKING NEWS
Search

වට්සප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුල් වි කරන අලුත්ම සෙල්ලමක් ගැන පොලිසීයෙන් දැනුම්දීමක්..

635
මේ කියන්න යන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන ඔබට තවත් එක් වැදගත් කතාවක්..
Whats App මෘදුකාංගය මඟින් ව්‍යාජ ඇමතුම් හා කෙටි පණිවිඩ යොමු කර පරිශීලකයන්ගේ WhatsApp ගිණුම් අනවසර ප්‍රවිශ්ටයකට ලක්කර මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි විශාල සංඛ්‍යාවක් මේ දිනවල වාර්තා වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබෙනවා…

මෙහිදී මෙම වංචාකරුවන් විසින් පරිශීලකයාගේ WhatsApp OTP අංකය රැවටීමට ලක්කොට ලබා ගන්නා අතර ඉන් අනතුරුව එම ගිණුමේ භාරකාරත්වය වංචාකරුවන් විසින් ලබාගෙන පරිශීලකයන්ගේ ගිණුමේ සිටින පුද්ගලයන් වෙත ව්‍යාජ පණිවිඩ යොමු කර මුදල් වංචා කිරීම සිදු කරන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ…

එබැවින් කිසිදු අවස්ථාවක වෙනත් පාර්ශවයක් වෙත තම අන්තර්ජාල ගිණුම්වල OTP අංකයන් ලබා නොදීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී තිබෙනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *