මේ යටිනුවර මරණ ගැන ඇහෙන අලුත්ම කතාව…
මෙම කරුණු හෙළිවී ඇත්තේ ඔහු බිරිඳ සහ දියණිය ඝාතනය කිරීමෙන් පසු සියදිවි හානිකර ගැනීමට තුඩුදුන් කරුණු ඇතුලත්ව පිටු 04ක ලිපිය ඔස්සේ කරනු ලබන විමර්ශන ඔස්සේයි.
මධ්‍යම පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මෙහෙයැවීමෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබන්නේ ගම්පොල කොට්ඨාශයභාර පොලිස් අධිකාරී එරික් පෙරේරාය. ඔහු යටතේ ක්‍රියාත්මක විමර්ශකයින් මහනුවර පොලිස් ප්‍රධානියෙකුගෙන්ද ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.
එසේම අදාල ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලක් මුල්කරගෙන මහනුවර පොලිස් ලොක්කන්ගෙන් චම්පික නිලන්තට එල්ලවූ විවිධ පීඩන සහ තර්ජනය කිරීම් ගැන ද විමර්ශන බවත්වන බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
චම්පික නිලන්ත ට ස්ථිර රැකියාවක් තිබී නැත. ඔහු කර ඇත්තේ බ්‍රෝකර් රැකියාවය. එහිදී ඔහු ව්‍යාපාරිකයාට ඉඩමක් අලෙවි කිරීමට බ්‍රෝකර් කටයුත්තක් කර ඇත.
එම ඉඩම ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි 03කට පමණය. ඊට මාස කිහිපයකට පසු එම ඉඩම රුපියල් කෝටි තුනහා මාරකට අලෙවිකර දෙන ලෙස ව්‍යාපාරිකයා චම්පිකගෙන් ඉල්ලා තිබෙනවා.
එහෙත් එම ඉඩමේ සැළසුම අනුමත කර නොතිබීම හේතුවෙන් ඉඩම එම මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව සඳහන්.
එහිදී මෙම ව්‍යාපාරිකයා චමිපික බිය ගන්වා ඔහු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිටි වකවානුවේ දී එම ඉඩමේ සැලසුම අනුමත කළ ආකාරයට ව්‍යාජ අනුමැතියක් චමිපිකගේ අත්සනින් සකස්කර ඇති බව ට තොරතුරක් ගැනද පරීක්ෂණ පවත්වන බව මහනුවර පොලිස් ප්‍රධානියෙක් සඳහන් කළේ.
පසුව මෙම ව්‍යාපාරිකයා චමිකට එරෙහිව ඉඩමකට ව්‍යාජ සැළසුමක් සකස්කල බවට පැමිණිල්ලක් දමා ඇති බවත් ව්‍යාපාරිකයාට හිතවත් පොලිස් ප්‍රධානීන් කිහිප දෙදෙනෙක් ඒ පිටුපස සිටින්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම පැමිණිල්ල මුල්කරගෙන චම්පිකට පොලිසියෙන් මෙන්ම ව්‍යාපාරිකයාගෙන්ද තර්ජන බිය ගැන්වීම් පහරදීම් සිදුව ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇති අතර අවසානයේදී චම්පික සතු වාහනයත් ව්‍යාපාරිකයා විසින් ලබාගෙන ඇති බවයි සඳහන් වන්නේ.






















