BREAKING NEWS
Search

ඔවුන් හදිසියේම එවැනි තීරණයක් ගත්තේ මේ නිසාද? යටිනුවරම කම්පා කළ ඛේදවාචකය ගැන වෙනස්ම කතාවක් එළියට

3332

මේ යටිනුවරම කම්පා කළ ඛේදවාචකය ගැන ඇහෙන අලුත්ම කතාවක්…

ගෙල වැළ ලා ගෙන මියගොස් සිටි යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායකවරයා මුදල් ගනුදෙනු මත සිත් වේදනාවෙන් සිටි බවට තොරතුරු වාර්තා වනවා.

පොලීසිය මේ වනවිට සැක පළකරන්නේ මියගිය චම්පික නිලන්ත සිය දියනිය සහ බිරිද ඝාතනය කර ගෙළවැල ලා ගන්නට ඇති බවටයි.

කෙසේ නමුත් ඔවුන් ගේ බාල දියනිය චාරිකාවක් ගොස් නිවසට පැමිණ සිට ඇති අතර ඇය නිරුපද්‍රිතව සිටිනවා.

විපක්‍ෂ නායකවරයාගේ සිරුර නිවසේ එල්ලෙමින් තිබූ අතර මව සහ දැරිය ඇදක් මතයි මියගොස් තිබුණේ.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා ගෙළවැල ලාගෙන මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අද පෙරවරුවේ පොලිසිය එහි ගොස් විමර්ශණය ආරම්භ කළා.

එහිදී පේරාදෙණිය, යහලතැන්න ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක් තුළ තිබී විපක්‍ෂ නායකවරයාගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ සිරුර ද හමුවී තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි කාන්තාවක් සහ 17 හැවිරිදි සිසුවියක්.

මියගිය යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්‍ෂනායකවරයා 52 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ මරණ සිදුවූ ආකාරය සම්බන්ධයෙන් මෙතක් කරුණු අනාවරණය වී නැහැ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී හෝ අද අලුයම් කාලයේ මෙම සිදුවීම් සිදු වන්නට ඇති බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *