BREAKING NEWS
Search

මරදාන පොලීසියේ කොස්තාපල්වරු තිදෙනෙකුගේ වැඩ තහනම්

548

මරදාන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සබඳතා පැවැත් වූ බවට වූ තොරතුරක් මත මෙම තිදෙනා අත්අඩංගුවට පත්ව සිටියේය.

ඉකුත් 23වනදා කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්ය්‍යාංශයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11,320ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ මෙම පොලිස් නිලධාරීන්ගේ දුරකථන අංක සහ හඬපට දත්ත ඇති බවට අනාවරණය ඇත.

ඒ හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ආධාර අනුබලදීම චෝදනාව යටතේ අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන් තිදෙනා වයස අවුරුදු 22, 30 හා 32 අතර පසුවන්නන් බව සඳහන්.

ඔවුන් සම්බන්ධ වැඩිදුර විමර්හන කොළඹ මධ්‍යම    කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකරයි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *