ත්‍රීරෝද රථයක් ඩෙවෝන් ඇළට පෙරළෙයි

237

දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇත.

දිඹුලපතන පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

කෙසේ වෙතත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *