BREAKING NEWS
Search

සුහද මාරුව අඹුසැමියන් බෙදාගෙන

2352

අපූරු සුහද ස්ථාන මාරුවීම් ක්‍රියා පටිපාටියක් අනුගමනය කරන කාර්යාලයක් පිළිබඳ පුවතක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.

ගමක ආර්ථික සංවර්ධන කිරීම බාර ආයතනයකි. මේ නිසා ගම් මට්ටමින් නිලධාරි, නිලධාරිනියන් පත් කොට තිබේ. ඔවුන්ට වැටුප් ගෙවන්නේ රජයෙනි. නැත්නම් අපේ බදු මුදලිනි. එය වරදක් නොවේ. ඒ රාජකාරියක් කරන්නේ නම් වැටුප් ගෙවීම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් නිසාය.

මේ කාර්යාලයේද රජයේ අනෙක් කාර්යාලවල මෙන් නියමිත වසර ගෙවූ පසු ස්ථාන මාරුවීම් ක්‍රියාපටිපාටියක් අනුගමනය කළේය. ප්‍රශ්නය නම් එය නොවේ. මේ කාර්යාලයේ සේවක මහතකු හා සේවක මහත්මියක මේ වනතෙක්ම තම ගමේද තවත් කාලයක් අල්ලපු ගමේද මාරුවෙන් මාරුවට ස්ථාන මාරුවීම් ලබා ගන්නෝය. මේ දෙදෙනා අතර සිදුවනුයේ සුහද මාරුවීම් විශේෂත්වයකි.
මෙය මේ ගම්මාන දෙකේම ඇත්තන්ට මහත් ප්‍රහේළිකාවක්ව තිබිණි. මාරුවීම් කාලයේදී මේ ගම්මාන දෙකේම ඇත්තන් වෙනසක් පැතුවද සිදුවන්නේ එයමය. මේ දෙදෙනාගේ රාජකාරිය ගැන නොසෑහීම මේ ගම්මාන දෙකේ ඇත්තන් සිටියේ කලකිරීමෙනි. ඒ නිසාම මේ සම්බන්ධයෙන් ඔවුහු සොයා බැලූහ.

වැඩේ බොහෝ ගම්වාසීන්ට තේරුණේ පසුවය. මේ දෙන්නා අඹුසැමියෝය. මාරුවීම් පැමිණියත් ඔවුන් දෙදෙනාගේ මේ සුහද මාරුව නිසා දෙන්නගෙන් එක්කෙනෙක් හැමදාම රාජකාරිය ගමේය. ගෙදර වැඩ ටික කරගනුයේ පඩිපිටය. මේ සම්බන්ධයෙන් අලු‍තෙන් ආ ආයතන ප්‍රධානියාට ගම්මු පැමිණිලි කිරීමට ඉන්නේලු..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *