BREAKING NEWS
Search

මන්ත්‍රී ගයන්ත මාලිනිය ගැන කවුරුත් නොදන්න කතාවක් කියයි

694

මාලිනී ෆොන්සේකා ඉතා දක්ෂ මෝටර් රථ ශූරියක් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ කාරණය ගැන දන්නේ ටික දෙනෙක් පමණක් බවද කරුණතිලක මහතා කීය.

ප්‍රවීණ රංගනවේදනී මාලිනී ෆොන්සේකා  මහත්මිය පිළිබඳ පාර්ලිමේන්තු ශෝක යෝජනාව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

“මාලිනී ෆොන්සේකාට මුළු රටක් ආදරය කළා. එතුමිය  ආණ්ඩු පක්ෂයේ සිටියත් අප විපක්ෂයේ සිටියත් ඉතා කුළුපගව ඇසුරු කරන්නට අවස්ථාව ලැබුණා.මා යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ඇමති ලෙස සිටියදී නිරන්තරයෙන් ඇය අපගේ අමාත්‍යංශයට පැමිණ වැඩකටයුතු සඳහා ධෛර්ය ලබා දුන්නා. මාලනී ෆොන්සේකා ගැන කතා කරද්දි සිනමාව ගැනත් සිනමාව ගැන කතා කරද්දි මහා භාරතයත් අපට අමතක කරන්න බැහැ.දකුණු ඉන්දීය සිනමාවේ රන් චරිතය වූ සිවාජි ගනේශන් සමගත් මාලිනී ෆොන්සේකා මැතිනිය ප්‍රධාන චරිතය රඟපෑවා.සම්භාව්‍ය චිත්‍රපට මෙන්ම වාණිජ චිත්‍රපට වලටත් ඇය එකසේ රංගනයෙන් දායක වුණා.ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරිය වූයේද මාලිනී ෆොන්සේකා මැතිනියයි” යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *