BREAKING NEWS
Search

කංජිපානිගේ හිතවතෙක් කටුනායකදී මාට්ටු

159

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානේ ඉම්රන් නමැත්තාගේ සමීපතමයකු  කටුනායක ගුවන් තොටුපොළේදී  අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු ආදුරුප්පුවීදිය ප්‍ර දේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

එම සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති අතර එම සැකකරු මෙරට පැමිණි අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ලංකාවේ සිටියදී සංවිධානාත්මක අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග ව්‍යාපාර කටයුතු කළ පුද්ගලයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම සැකකරුගේ බිරිය ඉන්දියාවේ පදිංචිව සිටින අතර සැකකරු ද ඉන්දියාවේ පදිංචියට ගොස් සිටියදී ඉන්දියානු පොලිසිය අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *