Search

එන්නත්කරණයෙන් ලංකාව සෑහෙන්න ඉදිරියෙන් – නාමල්

119

ලොව රටවල් බහුතරයකට වඩා එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේය.

ස්පුට්නික් V එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් එක් මාත්‍රාවක් පමණක් ලබා ගැනීමට කැමැත්ත පළකරන ලිපියකට අත්සන් ලබා ගැනීම සඳහා කිසිදු බලපෑමක් සිදු නොකරන බවද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එන්නත් ලබා ගන්නා පුද්ගලයන් කැමති නම් පමණක් ඒ සඳහා කැමැත්ත ප්‍රකාශ කළහැකි බව ඇමතිවරයා සඳහන් කරයි.

Courtesy – Mawratanews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *