උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව මගින් පසුගියදා පවත්වනු ලැබූ පහ වසර ශිෂ්‍යත්ව පෙරහරු විභාගයේදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ට බෙදා දුන් ප්‍රශ්න පත්‍ර වල අසභ්‍ය වචන මුද්‍රණය වී තිබීම සම්බන්ධයෙන් පරීක්ෂනයක් පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සමන්ත කුමාර ජයලත් පවසනවා.
අනුරාධපුර අධ්‍යාපන කලාපය තුළ පාසල් එකසිය දහයක පමණ ළමුන් දෙදහසකට පමණ මෙම ප්‍රශ්න පත්‍රය ලබා දී ඇති අතර එය පසුව නිවරැදි කිරීමට කටයුතු කර ඇති බවයි ලේකම්වරයා පැවසුවේ.
















